බොරැල්ල පොලිසියේ 41කට කොරෝනා

: අද දිනයේ ඔබ දැනගත යුතු කරුණු 05
අද දිනයේ මේ දක්වා මෙරට කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් වාර්තා වී ඇති ප්‍රධාන කරුණු 05.
1). බොරැල්ල පොලිසියේ නිලධාරින් 41 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. මේ වන විට එම පොලිස් ස්ථානයේ නිලධාරින් 59 කට වෛරසය ආසාදනය වී ඇත.
2). මට්ටක්කුලිය මුවදොර උයන නිවාස සංකීර්ණයේ පුද්ගලයින් 14 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.
3). පාර්ලිමේන්තු කටයුතු වාර්තාකරණයට සහභාගීව සිටි තවත් මාධ්‍යවේදියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. මේ වන විට පාර්ලිමේන්තු කටයුතු වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් 04 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බව වාර්තා වේ.
4). වාද්දුව ප්‍රදේශයේ පුද්ගලයින් 10 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.
5). ඊයේ දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 409 දෙනා ගේ තොරතුරු : ගම්පහ : 146, කොළඹ 122, කළුතර 47, කුරුණෑගල 07, කෑගල්ල / රත්නපුර 12 බැගින්, ගාල්ල 19, නුවරඑළිය 02, හම්බන්තොට 05, මොණරාගල 01, බදුල්ල 6, මාතලේ 2, මහනුවර 05, අම්පාර සහ මඩකලපුව 01 බැගින් වී ඇත. ඊට අමතරව පුත්තලම 03, පොලිස් දෙපාර්තමේන්තුවේ 10 දෙනෙක් සහ නිරෝධායන මධ්‍යස්ථාන තුල 08 ක් ලෙස ආසාදිතයින් වාර්තා වී තිබේ.