බදියුදීන් නිවසේ සේවය කළ කාන්තාවන් 11 අතුරින් තිදෙනෙක් මියගියගිහින්

2010 වසරේ සිට රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයාගේ නිවසේ සේවය කළ කාන්තාවන් 11දෙනා අතරින් තිදෙනෙකුම මේවන විට ජීවිතක්ෂයට පත්ව ඇති බවට පොලීසිය අනාවරණ කර ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

ඒ අනුව ඉෂාලිනී දැරිය මියගොස් ඇති අතර තවත් කාන්තාවක් රෝගයකින් මියගොස් ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එසේම තවත් කාන්තාවක් බදියුදීන් නිවසේ මෙහෙකාර සේවයේ යෙදී අවසන් වීමෙන් පසු පිටව ගොස් සියදිවි නසා ගැනීමක් සිදු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් සඳහන් කර සිටියේය.