කොවිඩ් තත්ත්වයට අදාළව සෞඛ්‍ය තත්ත්වය මැනිය හැකි දුරකථන යෙදවුමක්

කොවිඩ් තත්ත්වයට අදාළව තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය තනිවම මැන බැලීමේ හැකියාව ඇති නව ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව මේ මඟින් පෙනහළුවල ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීමටත්, ලැබෙන වාර්තා තුළින් උපදෙස් ලබාදීම, පිරික්සුම් දත්ත ස්වයංක්‍රීයව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය කණ්ඩායම් සමග බෙදා ගැනීම සඳහා මෙම යෙදවුම හරහා හැකියාව පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ශ්‍රී ලංකා සෞඛ්‍ය තොරතුරු තාක්ෂණ සංගමය, ඩිජිටල් සෞඛ්‍ය සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය මධ්‍යස්ථානය එක්ව මෙම දුරකථන යෙදවුම නිර්මාණය කර තිබෙනවා.
https://sshield.org/