මැතිල්ඩා කාල්සන් සහභාගි වන , ශ්‍රී ලංකාවේ අවසන් ඔලිම්පික් බලාපොරොත්තුව හෙට

ශ්‍රී ලංකාවේ මැතිල්ඩා කාල්සන් සහභාගි වන අශ්වාරෝහක තරඟය හෙට (03) වනදා ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3.30 ට ආරම්භ වීමට නියමිතයි.
ඒ අනුව ටෝකියෝ ඔලිම්පික් උළෙල ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන අවසන් තරගකරුවා වන්නේ මැතිල්ඩා කාල්සන්ය.
තුරඟ තරග ක්‍රීඩාව නියෝජනය කරමින් ඔලිම්පික් උළෙලකට සහභාගී වන පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ ඇයයි.