IDH එන සියයට 85කට කොරෝනා

රෝගීන් වාර්තාවන අමුතුම ආකාරය දෙස බැලීමේදී තුන්වෙනි රැල්ලට වඩා වැඩි දරුණු තත්වයක් ඉදිරියේදී මතුවනු ඇතැයි අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරයි.

අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ බාහිර රෝගී අංශයට ප්‍රතිකාර සඳහා දිනපතා පැමිණෙන අයගෙන් සියයට 85ක් පමණ ආසාදිතයන් ලෙස හඳුනා ගැනෙන බවද ඒ මහතා පැවසීය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මෙලෙස අලුතින් හඳුනා ගැනෙන රෝගීන්ගේ ශරීරයන්හි පවතින වෙවරස ධාරිතාවයද ඉහළ බව රසායනාගාර වාර්තාවලින් පෙනී යන බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා මෙය ඩෙල්ටා ප්‍රභේදය නිසා සිදුවන්නක් යැයි සැකපළ කළ හැකි බව ප්‍රකාශ කළේය.

ඩෙල්ටා තත්පර 15කදී බොහෝ අයට ව්‍යාප්ත විය හැකි බවට අනාවරණයක්!

මෙරට ව්‍යාප්තව පවතින ඩෙල්ටා කොරෝනා වෛරස් ප්‍රභේදය ඉතා දරුණු බවද එම ඩෙල්ටා ප්‍රභේදය තත්පර 15ක් තුළ බොහෝ පිරිසකට ව්‍යාප්තවීමේ හැකියාවක් පවතින බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ඩෙල්ටා වෛරස් ප්‍රභේදය ඉන්දියාව සහ බි‍්‍රතාන්‍ය ඇතුළු රටවල් රැසකට බලපෑම් එල්ල කර තිබේ.

ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් සෑම දිස්ත්‍රික්කයකින්ම වාර්තා විය හැකි බව මෙරට සෞඛ්‍ය අංශ සදහන් කර තිබුණි.