ඥාතියෙකුගෙ අවමගුලට රංජන්ව රැගෙන එයි : නෙස්කැෆේ බොන්න චුට්ටකට මාංචු කූට්ටම ගැලෙව්වෙත් නෑ
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ රංජන් රාමනායක මහතා දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ සිය ඥාතියෙකුගෙ අවමඟුලට රැගෙනවිත් තිබෙනවා.
මීගමුව W.S ප්‍රනාන්දු මල්ශාලාවේ තැන්පත් කර ඇති රන්ජන් රාමනායක මහතාගේ මස්සිනා වන නිරන්ජන් මහතාගේ ආදරණීය මෑණියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඒ මහතාව මෙලෙස බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි රැකවල් මධ්‍යයේ ගෙනවිත් තිබිනි
මේ අවස්ථාවෙදී එම ස්ථානයට පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සහ තවත් දේශපාලඥයින් පිරිසක්ද එක්වී සිටිනු දක්නට ලැබුණි.
රන්ජන් රාමනායක මහතා අද මීගමුවේ පැවැති අවමංගල උත්සවයකට රැගෙන ආ අවස්ථාවේදී ගත් ජායාරූපයක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල දැඩි කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව තිබේ.
එහිදී රාමනායක මහතා නෙස්කැෆේ කෝප්පයක් බීමට සූදානම් වුවද එහිදීද බන්ධනාගාර නිලධාරීන් රන්ජන්ගේ මාංචු කුට්ටම ගැලවූයේ නැත.
ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල තබා තිබූ සටහනක් මෙසේය.
‘මිනී මරලා නෑ, හොරකම් කරලා නෑ. මළගෙදර ආවම නෙස්කැෆේ බොන්න චුට්ටකට මාංචු කූට්ටම ගැලෙව්වෙත් නෑ.’ යනුවෙන් එහි සටහන්ව තිබිණ.