ලංකාවේ කොරෝනා මරණ , චීනයේ සිදු වූ මරණ සංඛ්‍යාවද ඉක්මවායි!
තවත් කොරෝනා මරණ 74ක් ඊයේ දිනයේ දී වාර්තා වීමත් සමග, මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 4,645 දක්වා ඉහළ ගියේ ය.
ඒ අනුව, ඊයේ දිනයේ දී මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව, කොරෝනා වසංගතය මූලාරම්භ වූ චීනයේ සිදු වූ මරණ සංඛ්‍යාවද ඉක්මවා ගියේ ය.
චීනයේ සිදුව තිබුණු සමස්ත මරණ සංඛ්‍යාව 4,636 කි.
එම මරණ සංඛ්‍යාවෙන් අති බහුතරය, එනම් මරණ 4,512 ක්ම සිදුව ඇත්තේ, වූහාන් නගරය අයත් හුබෙයි ප්‍රාන්තය තුළය.
චීනයේ අගනුවර වූ බීජින්වල සිදුව තිබුණු මරණ සංඛ්‍යාව 09කි.
– Mawrata