උද්ඝෝෂණ කළ ගුරු-විදුහල්පතිවරුන් 44ක් අත්අඩංගුවේ!
ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවය විසදන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයේ නිරත 44 දෙනෙකු පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අත් අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ, අදාල පිරිස, ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ උද්ඝෝෂණයේ නිතර වෙමින් සිටිය දී ය.
පොලීසිය සඳහන් කළේ ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමුකරන බවය.
වැටුප් ගැටලුවට විසඳුම් ඉල්ලා රජයට බලකරමින් ගුරු විදුහල්පති වෘත්තිය සමිති මාර්ග කිහිපයක් ඔස්සේ රථ පෙළපාලියකින් කොළඹට පැමිණ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මෙලෙස විරෝධතාවයේ නිරතවී සිටියහ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයින්වීම, ප්‍රධාන මාර්ගයක් අවහිර කිරීම, නිරෝධායන රීතිවලට පටහැනිව කටයුතු කිරීම එම අත්අඩංගුවට ගත් පිරිසට එරෙහිව එල්ලවී ඇති චෝදනා වෙයි.