සඳුදා සිට කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම ගෙදර සිටයි!

දැනට බස්නාහිර පළාතේ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මකව පවතින සංකූලතා නොමැති කොවිඩ් ආසාදිතයන් නිවෙස් තුළ රඳවා, වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබාදීමේ, ව්‍යාපෘතිය දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියයි.

එම වැඩසටහන ක්‍රියාවට නැංවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික වෛද්‍යවරුන් සහ විශ්‍රාමික වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලවල සහය ලබාදීමට එකඟත්වය පළකර ඇති බවත්, ලබන සඳුදා (09) සිට එය දීප ව්‍යාප්තව ක්‍රියාවට නැංවෙන බවත් ඇය සඳහන් කරයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ගැබිණි වෛද්‍යවරුන් 200ක් යොදවන බවද සෞඛ්‍ය ඇමතිනිය කියා සිටී.

මේ අතර, රජයේ රෝහල්වල හදිස්සි අවශ්‍යතා නොමැති සියලු වාට්ටු කොවිඩ් ආසාදිත රෝගීන්ගේ ප්‍රයෝජනයට ගැනීමට පියවර ගෙන ඇති බවද ඇය හෙළිකර තිබේ.