කෝවිඩ් රෝගීන් වාර්තාවීමේ වැඩිවීමක් පෙන්නුම් කර ඇතත් රට වහන්නේ නෑ!

කෝවිඩ් ව්‍යාප්තිය හමුවේ රට වසා දැමීමක් නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේ අද (6) දහවල් පැවැති කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බළකා රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

කෝවිඩ් රෝගීන් වාර්තාවීමේ වැඩිවීමක් පෙන්නුම් කර ඇතත් රට වසා දැමීමේ හැකියාවක් නැතැයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමුකර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි ජනාධිපතිවරයා සෞඛ්‍ය අංශවලට එහිදී උපදෙස් දී ඇත.