කොවිඩ් රෝගීන්ට සේවා සැපයීමට තවත් දුරකථන අංක දෙකක් : 1999 හෝ 0117 966 366

කොවිඩ් 19 ආසාදනය වූ අය රෝහල්ගත කිරීමේ දී ඔවුන් ට ඇති වන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නව දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව 1999 හෝ 0117 966 366 යන දුරකථන අංකය අමතා අවශ්‍ය ලබාගත හැකියි.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය, මාධ්‍ය ප්‍රකාශක, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ යම් රෝහලකට රෝගීන් ගෙන යෑමේ දී තත්ත්වය බරපතළ නොමැති නම් ඔවුන් ව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හරහා ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ගෙන යෑම ඉතා සුදුසු බවයි.

එසේ නොමැතිව රෝග ලක්ෂණ බරපතල නැත්නම් රෝහල් කරා නොපැමිණෙන ලෙසත් එසේ වූ අනවශ්‍ය තදබදයක් ඇති වීම බවත් එහිදී අත්‍යවශ්‍ය සේවා ලබා ගහත් යුතු අයට එය බාධාවක බවත් හේරත් මහතා පෙන්වාදෙයි.