ඇමරිකානු ජනාධිපතිවරණය: ජෝ බයිඩ්න් ජයග්‍රහණය අබියස
ඇමෙරිකානු ජනාධිපතිවරණ සටනේ පෙරමුණ ගැනීමට ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩ්න් සමත්ව තිබේ.
ඒ, ඡන්ද විද්‍යාල 538 කින් 264ක් මේ වන විට තමා සතු කර ගැනීමත් සමගය.
රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් හිමි කර ගෙන ඇති ඡන්ද විද්‍යාල සංඛ්‍යාව 214කි.
ඇමෙරිකානු ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා ඡන්ද විද්‍යාල 538 කින් 270ක් දිනා ගත යුතු වේ.
ඡන්ද ගණන් කිරීමේ කටයුතු තවමත් සිදුවෙමින් පවතී.
මෙවර ඇමෙරිකානු ජනාධිපතිවරණය ඉතිහාසගත වන්නේ ගෙවුණු 120ක කාලය තුළ එරට වැඩි ම ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවක් සටහන් වන ජනාධිපතිවරණය ලෙසය. මූලික ඇස්තමේන්තුවලට අනුව ඇමෙරිකානුවන් මිලියන 160 කට වැඩි පිරිසක් ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කර ඇති අතර එය වසර 120 ක් තුළ වාර්තා වූ ඉහළ ම සංඛ්‍යාව වේ.
මේ අතර, යම් හෙයකින් ඩිමොක්‍රොටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක 77 හැවිරිදි ජෝ බයිඩ්න් ඇමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස තේරී පත්වුවහොත් ඇමෙරිකානු ඉතිහාසයේ ජනාධිපති ධූරයක් හොබවන වයස්ගත ම පුද්ගලයා ලෙස ඔහු ඉතිහාසගත වනු ඇත.