සීනි සහ ගෑස් හිඟයක් නැහැ
රට තුල සීනි සහ ගෑස් හිඟයක් නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කළා.
ඒ රජයේ ප්රවෘත්තී දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
ආනයනික කිරිපිටි මත පනවා ඇති බද්ධ සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමටද අමාත්‍ය මණ්ඩලය තීරණය කල බව ද එහිදී ප්‍රකාශ කෙරුණා.
කෙසේ වෙතත් අදත් ඇතැම් ප්‍රදේශ වල ගෑස් වෙළඳසැල් ආශ්‍රිතව ගෑස් මිලදී ගැනීම සඳහා දිගු පෝලීම් පැවති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
මේ අතර, ජනතාවට අත්‍යවශ්‍ය ගෑස් සහ කිරිපිටි වල බරපතල හිඟයක් මේ වන විට රට පුරා පවතින බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ද පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂනායකවරයා සඳහන් කලේ අත්‍යාවශ්‍ය භාණ්ඩ විවිධ මිල ගණන් යටතේ අලෙවි කරන තත්වයක් හට ගෙන ඇති බවයි.