කොළඹ වරාය අධිකාරියේ කොරෝනා ආසාදිතයන් 11ක්
කොළඹ වරාය අධිකාරියේ කොරෝනා ආසාදිතයන් 11ක්
කොළඹ වරාය අධිකාරියෙන් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙකු වාර්තා වී ඇති බව වරාය අධිකාරියේ ප්රකාශකයෙක් පැවසීය.
වරාය අධිකාරියෙහි ආපන ශාලාවක එක පුද්ගලයෙකු සහ අධිකාරියෙහි තවත් සේවකයන් 10 දෙනෙකු මෙසේ ආසාදිත වී ඇත.
පෙරේදා (03) දින කොළඹ වරාය යාත්රා අංගන පරිශ්රයේදී වරාය අධිකාරියේ සේවකයන්ගේ පී.සී.ආර්. සාම්පල ලබා ගන්නා ලදී.
අධිකාරියේ සේවකයන්ගේ සෞඛ්යාරක්ෂිත බව තහවුරු කිරීම සහ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමට ශ්රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාරීත්වය පියවර ගෙන ඇත.
මෙම අහඹු පී.සී.ආර්. පරීක්ෂණයන්හි වාර්තාවලට අනුව 11 දෙනෙකු ආසාදිත බව අනාවරණය වී ඇත.
වරාය අධිකාරියේ සේවකයන්ගෙන් පිරිසක් නිරෝධායනයට යොමු කර තිබූ බව ද පී.සී.ආර්. වාර්තා අනුව ආසාදනය වී නැතැයි තහවුරු වූ සහ දින 14ක නිරෝධායන කාලය සම්පූර්ණ කළ පිරිස අද මුදා හරින බව ද වරාය අධිකාරියේ ප්රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.