දින 8 කදී කොරෝනා මරණ 714 ක්
ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්තිය මෙරට සිවි වන කොරෝනා රැල්ල ලෙස හඳුන්වා දිය හැකි බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ, සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණසේකර කොළඹ පැවැති මාධ්‍ය හමුවකදි සඳහන් කළේ.
මේ වනවිට මෙරට මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ තුන් ලක්ෂ 32,947 ක් ලෙසයි.
ඒ සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව ද 5,222 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙම මාසයේ ගතවූ පළමු දින අටේදී පමණක් කොවිඩ් ආසාදිතයින් 714 දෙනෙක් මියගොස් ඇති අතර ඉන් 544 දෙනෙක්ම අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයන්.
එසේම, ගලිගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රනත් පද්මශාන්ත ද කොරෝනා ආසාදනය වී පේරාදෙණිය රෝහලේදී මියගොස් ඇති බව ප්‍රදේශයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා තහවුරු කළා.