බස් රථයේ ගමන් කරමින් සිටි කාන්තාවක් අසුනේම මිය ගිහින්
හොරණ සිට පානදුර දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක සිටි කාන්තාවක් මියගොස් තිබෙනවා. අදාල කාන්තාව වාඩි වී සිටි අසුනේම මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
අසුනක නින්ද ගොස් සිටි කාන්තාවක් පිළිබඳව සැක සිතී කොන්දොස්තරවරයා විසින් පරීක්ෂා කර බලා ඉන් අනතුරුව බස් රථය පානදුර රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා. එහිදී වෛද්‍යවරුන් අනාවරණය කරගෙන තිබෙන්නේ ඇය ඒ වනවිටත් මියගොස් ඇති බවයි.
මේ දක්වා ඇයගේ අනන්‍යතාවය හෙලි වී නොමැති බව පානදුර දකුණ පොලීසිය පවසනවා.
පොදු ස්ථානවලදී මියගිය පුද්ගලයන් පිළිබඳව පසුගිය කාලයේදී දිගින් දිගටම මාධ්‍ය වාර්තා කර තිබූ අතර ඇතැම් පුද්ගලයන්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව පසුව තහවුරු වී තිබිණි.