ඉන්දීය ඖෂධ නියාමනයේ අවසරය එන්නත් මිශ්‍ර කිරීමට
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත සහ ඉන්දියාවේ භාරත් බයෝටෙක් කොවැක්සීන් එන්නත මිශ්‍ර කර ලබාදීමට ඉන්දීය ඖෂධ නියාමනයේ අවසරය හිමිවී තිබෙනවා.
ඒ සඳහා නියමු අත්හදා බැලීමක් සිදුකරනු ලබන්නේ තමිල්නාඩු ප්‍රාන්තයේ වෙල්ලෝර්හි පිහිටි ක්‍රිස්තියානි වෛද්‍ය විද්‍යාලය විසින්.
ඉන්දීය ඖෂධ නියාමන කමිටුව මගින් සිදුකළ අධ්‍යනයකින් පසුවයි ඒ සඳහා අවසර ලබාදී ඇත්තේ.
ඒ අනුව, කොවිෂීල්ඩ් සහ කොවැක්සීන් එන්නත් සති 6 ක කාල පරාසයක් ඇතුළත ලබාදීමට නියමිතයි.
කොරෝනා එන්නත් මිශ්‍ර කිරීමෙන් ඉහළ ප්‍රතිශක්තියක් ලබා ගත හැකි බව ඇතැම් විශේෂඥයින්ගේ මතයයි.