අගමැති සහ පසුපෙල මන්ත්‍රීවරුන් හමුවෙයි
2022 අයවැය සඳහා පසුපෙල මන්ත්‍රීවරුන්ගේ යෝජනා ලබා ගැනීමේ හමුවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සංවිධානය කර තිබූ මෙම හමුවේදී ග්‍රාමීය, ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් මට්ටමින් රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ඉටු කළ යුතු කාර්යයන් පිළිබඳව පසුපෙල මන්ත්‍රීවරුන්ගෙන් යෝජනා ලබාගෙන තිබෙනවා.
එම කාර්යයන් මගින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිලිබඳව පසුපෙල මන්ත්‍රීවරුන් දැනුවත් කර ඇති බව සඳහන්.
දේශීය කාබනික කෘෂිකර්මාන්තය නගා සිටුවීම, අපනයන නිෂ්පාදනය ඉහළ දැමීම, කර්මාන්ත සහ සේවා අංශය වෙත ග්‍රාමීය ජනතාවගේ දායකත්වය ලබා ගැනීම සහ සාම්ප්‍රදායික කර්මාන්තකරුවන් නගා සිටුවීම, සංචරණ ක්ෂේත්රය නගා සිටුවීම, ධීවර ක්ෂේත්රය පුළුල් සංවර්ධනයකට ලක් කිරීම, මල් සහ විසිතුරු පත්‍ර වගාකරුවන් නගා සිටුවීම, සත්ත්ව නිෂ්පාදන අංශය වර්ධනය කිරීම ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය වන පරිදි පසුපෙල මන්ත්‍රීවරුන් මෙහිදී යෝජනා ඉදිරිපත් කර තිබුණා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ජනාධිපතිවරයා මෙන්ම මුදල් අමාත්‍යවරයා ලෙස එවකට රටේ විවිධ අංශ නියෝජනය වන පරිදි ඊට අදාළ පිරිස් වෙතින් අයවැය යෝජනා සකස් කිරීමේදී අදහස් ලබා ගැනීමට කටයුතු කළ බව මුදල් අමාත්‍යවරයා මෙහිදී පවසා තිබෙනවා.
එය ඉතා සාර්ථක ප්‍රගතියක් පෙන්වූ බැවින් මෙවර අයවැය සකස් කිරීමේදී උපරිමයෙන් විවිධ අංශවල අදහස් ලබා ගන්නා බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙහිදී සඳහන් කළේ.