මනාල යුවළකට කොරෝනා – 120ක් නිරෝධායනයට

මාවනැල්ලේ මනාල යුවළකට කොරෝනා – 120ක් නිරෝධායනයට

මාවනැල්ල ප්‍රදේශයේ මනාල යුවළකට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව මාවනැල්ල ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ගැමුණු වික්‍රමසිංහ මහතා පවසයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ හේතුවෙන් එම විවාහ උත්සවයට සහභාගි වූ 120කට වැඩි පිරිසක් මේ වන විට නිරෝධායනයට යොමු කර තිබේ.

අදාළ මංගල උත්සවය පසුගිය දා මාවනැල්ල ප්‍රදේශයේදී පවත්වා ඇත.

එම විවාහ උත්සවයේ පළමු දිනයේදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුව විවාහ මංගල්‍ය කටයුතු කෙරුණ ද දෙවන දින මාවනැල්ල, ඹ්වත්ත ප්‍රදේශයේ පැවැති උත්සවයේදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය නොකර කටයුතු සිදුව ඇති බවට වෛද්‍ය ගැමුණු වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

කොරෝනා අසාදිත බවට හඳුනාගත් මනමාලයා කොළඹ පොලිස් ස්ථානයකට අනුයුක්ත පොලිස් නිලධාරියෙකු බවත් මංගල උත්සවය සඳහා කොළඹින් විශාල පිරිසක් පැමිණ ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ වන විට කෑගල්ල දිස්ත්‍රික්කයෙන් කොවිඩ්-19 රෝගීන් 151 දෙනෙකු හඳුනාගෙන ඇති අතර පුද්ගලයන් 3,031 දෙනෙකු නිරෝධායනය කර ඇත.