PCR හා ඇන්ටිජන් මිල නියාමනය කරන ගැසට් නිවේදනය

PCR පරීක්ෂණ සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා මිල නියාමනයට අදාළව පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය අද (12) නිකුත්කර තිබේ.

මේ අනුව, පෞද්ගලික අංශය විසින් සිදුකරන PCR පරීක්ෂණයක් සඳහා අය කළ හැකි උපරිම ගාස්තුව රු. 6,500ක් වන අතර ඇන්ටිජන් පරීක්ෂණයක් සඳහා උපරිම ගාස්තුව රු. 2,000ක් වේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මෙම ගැසට් නිවේදනය අද නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ඊයේ පැවසුවාය.

ගැස්ට් නිවේදනයට අනුව මෙම මිල නියාමනය අද සිට ක්‍රියාත්මක වේ. කෙසේවෙතත්, ගැසට් නිවේදනය නිකුත් වීමට පෙර අද පෙරවරුවේදී ද පෞද්ගලික රෝහල් වල ඉහළ මිලකට PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ සිදුකෙරුණු බව සමාජ මාධ්‍ය වල වාර්තා විය.

මෙම ගැසට් නිවේදනය උල්ලංඝනය කරමින් කටයුතු කරන සිදුවීම් ඇත්නම් පාරිභෝගික කටයුතු අධිකාරියේ 1977 ක්ෂණික අංකයට දැනුම්දෙන ලෙසද ජනතාවට දැනුම්දෙන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.