කොවිඩ් නිසා නාරහේන්පිට මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ( RMV) කාර්යාල සඳුදා සිට වැසෙයි

නාරහේන්පිට මෝටර් රථ ප්රවාහන කොමසාරිස් කාර්යාලය (RMV) සහ වේරහැර කාර්යාලය සඳුදා (16) දින සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.
එම කාර්යාල වල කාර්ය මණ්ඩල සාමාජිකයන් කිහිපදෙනෙකු හට කොවිඩ් ආසාදනය වීම මීට හේතුවී ඇත.
කෙසේවෙතත්, හෙට හා අනිද්දා දින වලදී විවිධ සේවා සඳහා කලින් සිදුකරන ලද කාලය වෙන්කරගැනීම් අවලංගු නොවන බවද එම කාර්යාලය සඳහන් කරයි.