ඇමෙරිකානු ජනාධිපතිවරණය: Electoral College ඡන්ද 270ක් දිනූ පමණින් ජනාධිපති විය හැකි ද?
මේ වන විට ප්‍රතිඵල නිකුත් කෙරෙමින් පවතින ඇමෙරිකානු ජනාධිපතිවරණය පිළිබඳව ලෝකයේ වැඩි දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.
ලෝකයේ බලවතා ලෙස පිළිගැනෙන ඇමෙරිකාවේ මැතිවරණ ක්‍රමය වෙනත් රටවලට වඩා වෙනස් මුහුණුවරක් ගනී.
ඒ අනුව, ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වූ පමණින් එරට ජනාධිපතිවයා කවුරුන් ද යන්න තීන්දු කර ගත නොහැකිය.
Electoral College ඡන්ද යනු මොනවා ද?
ඇමෙරිකානු කොංග්රස් මණ්ඩලයට ද සභිකයින් තෝරා ගනු ලබන්නේ මෙම මැතිවරණය තුළින් ම ය. ඡන්ද දායකයින් සිය ඡන්දය ප්‍රකාශ කිරීමේදී කොංග්රස් මණ්ඩලයට යා යුතු සභිකයින් ද තෝරා පත් කර ගැනේ.
ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් ප්‍රාන්ත සඳහා Electoral College ඡන්ද සංඛ්‍යාවක් පවතී. එම ඡන්ද සංඛ්‍යාව තීරණය කරනුයේ, අදාළ ප්‍රාන්තයේ පදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව අනුවය.
ඒ අනුව, Electoral College ඡන්ද වැඩි ම සංඛ්‍යාවක් හිමි කැලිෆෝනියා ප්‍රාන්තයට ඉලෙක්ටෝරල් කොලේජ් ඡන්ද 55ක් තිබේ.
මෙම Electoral College ඡන්ද යනු, කොංග්රස් මණ්ඩලයට තේරී පත් වන සභිකයින් සංඛ්‍යාවයි. ඒ අනුව, සමස්ත ඇමෙරිකාවේ ඇති Electoral College ඡන්ද සංඛ්‍යාව 538කි.
ඉන් ඡන්ද 270ක් හෝ ඊට වඩා දිනා ගන්නා අපේක්ෂකයා ජනාධිපතිවරණයෙන් ජය ගන්නා අපේක්ෂකයා ලෙස සැලකේ.
කෙසේ වෙතත්, එම ජයග්‍රහණය පාදක කර ගනිමින් ඔහු හෝ ඇය ඇමෙරිකානු ජනාධිපති ධූරයට පත්වූවාය යන්න නිගමනය කළ නොහැක.
ජනාධිපතිවරයා කවුරුන් ද යන්න තීරණය කෙරෙනුයේ, දෙසැම්බර් මාසයේදී පැවැත්වෙන Electoral College ඡන්ද නියෝජිතයින් අතර පැවැත්වෙන ඡන්ද විමසීමකින් පසුවය.
ඒ අනුව, ඉන් ජය ගන්නා අපේක්ෂකයා ජනවාරි මාසයේදී ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙනු ඇත.