Swiss News: එන්නත ලබා නොගත් අයගෙන් , මුදල් අය කිරීමට ස්විට්සර්ලන්ත රජය සැලසුම් කරයි!

එන්නත ලබා නොගත් පුද්ගලයින් සඳහාවූ , නොමිලේ කොරෝනා පරීක්ෂණ නැවැත්වීමට , ස්විට්සර්ලන්ත රජය සැලසුම් කරයි.

ස්විට්සර්ලන්තයේ ජනගහනයෙන් හරි අඩකට පමණ එන්නත් ලබා දී ඇති නමුත් , නව රෝගීන් තවමත් දිනකට 2000 කට වඩා වැඩි වෙමින් පවතී.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ වන විට ස්විට්සර්ලන්තයේ 730,000 කට අධික ජනතාවකට කොරෝනා ආසාදනය වී ඇත. පුද්ගලයින් 10,400 ක් පමණ මෙම රෝගයෙන් මිය ගොස් ඇත.

මෙම සන්දර්භය තුළ රජය ප්‍රකාශ කර ඇත්තේ රජයේ ප්‍රමුඛතාවය රෝහල් පද්ධතිය ආරක්‍ෂා කිරීම බවයි.

තවදුරටත් එන්නත් නොකරන පුද්ගලයින් ආරක්ෂා කිරීම , තවදුරටත් රජයේ ප්‍රමුඛතාවක් නොවේ.

ස්විට්සර්ලන්ත ෆෙඩරල් රජයේ පාසල්, ආයතන සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන වල කොරොනා පරීක්‍ෂණ සඳහා අරමුදල් අඛණ්ඩව ලබා දෙනු ඇත.

නමුත් රෝග ලක්‍ෂණ නොමැතිව එන්නත ලබා නොගන්නා අයට , ඔක්තෝබර් 1 දා සිට කොරෝනා පරීක්ෂණ සඳහා ගෙවීමට සිදුවන බව රජය නිවේදනය කරයි.