ගුරු සංගම්වලට ඇමති කමිටුවෙන් කැඳවීමක්

ගුරු විදුහල්පති වැටුප් ගැටලුව සම්බන්ධයෙන් සොයා බලා කරුණු වාර්තා කිරීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවෙන් තමන්ට කැඳවීමක් ලැබුණු බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කළා.
එහි නියෝජිත ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ලබන අඟහරුවාදා, කමිටුව වෙත සිය ගැටලු ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන් බවයි.
ඒ අනුව අදාළ සාකච්ඡාව එදින පස්වරු 6 ට අමාත්‍ය විමල් වීරවංශගේ නිවසේ දී පැවැත්වෙනු ඇති.
ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කරන ලෙස බල කරමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති ආරම්භ කළ ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට දින 34 ක් වනවා.