ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ 6000 ඉක්මවයි

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිත මරණ සංඛ්‍යාව 6000 ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අද දිනයේ තවත් මරණ 161ක් වාර්තාවීමත් සමගයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 6096ක්.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (15) තහවුරු කළ මරණ 161ට කාන්තාවන් 78ක් සහ පිරිමි පුද්ගලයන් 83ක් අයත්.

අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ එක් කාන්තාවක් මියගිය පිරිසට අයත්.

අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයන් 22ක් සහ කාන්තාවන් 16 දෙනෙකු මියගොස් තිබෙනවා.

අවුරුදු 60 සහ ඊට වැඩි පිරිමි පුද්ගලයන් 61ක් සහ කාන්තාවන් 61ක් ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළ මරණ 161 අතර වනවා.