කැබිනට් අමාත්‍යවරු හත් දෙනෙක් නව අමාත්‍යාංශවලට …
කැබිනට් අමාත්‍යවරු හත් දෙනෙක් , නව අමාත්‍යාංශවල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්හ.
ඒ අනුව ,
විදුලි බල අමාත්‍ය ලෙස කටයුතු කළ ඩලස් අලහප්පෙරුම මහතා ජනමාධ්‍ය අමාත්යවරයාලෙසද ,
ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ගාමිණි ලොකුගේ මහතා නව විදුලිබල අමාත්‍යවරයා ලෙසද ,
සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය , ප්‍රවාහන අමාත්‍යවරයා ලෙසද,
ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල මහතා , සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙසද ,
අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ජී.එල් පීරිස් මහතා , විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙසද ,
විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ දිනේෂ් ගුණවර්ධන මහතා , අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසද , ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට දැනට කටයුතු කරන අමාත්‍යංශවලට අමතරව, සංවර්ධන අධීක්ෂණ අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.