ඉදිකිරීම් අවසන් අදියරේ පවතින මාර්ග

ගාලු පාරේ රථ වාහන තදබදය අවම කිරීම සඳහා විකල්පයන් ලෙස  හඳුනා ගත් මාර්ගවල ඉදිකිරීම් කටයුතු අවසන් අදියරේ පවතින බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.

ඒ අනුව සමුද්‍රීය මාර්ගයේ නව කොටස් දෙකක් වන කොල්ලුපිටියේ සිට ස්ටවුට් පෙදෙස දක්වා මාර්ග කොටසත්, වැල්ලවත්තේ සිට දෙහිවල දුම්රිය ස්ථානය දක්වා මාර්ග කොටසේත් ඉදිකිරීම් අවසන් අදියරේ පවතින බවයි අද පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අමාත්‍යවරයා සඳහන් කළේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මංතීරු 4ක් සහිත කොල්ලුපිටියේ සිට ස්ටවුට් පෙදෙස දක්වා මීටර් 600ක මාර්ග කොටස සඳහා රුපියල් මිලියන 220ක් වැය කර ඇති අතර, වැල්ලවත්තේ සිට දෙහිවල දුම්රිය ස්ථානය දක්වා කිලෝමීටර් 1.2ක කොටසට වැය කර ඇති මුදල රුපියල් මිලියන 420ක්.