දියවැඩියා රෝගීනුත් එන්නත් මාත්‍රා දෙකම ලබාගන්න
මේ වනවිට මෙරට පුද්ගලයන් එක්කෝටි 18 ලක්ෂ 79,851 දෙනෙකුට කොරෝනා එන්නතක එක් මාත්‍රාවක් හෝ ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා.
එමෙන්ම පූර්ණ එන්නත්කරණයට ලක් කළ සංඛ්‍යාව දැක්වෙන්නේ හතළිස් හයලක්ෂ 16,266 ක් ලෙසයි.
මේ අතර ඊයේ දිනයේත් පුද්ගලයින් එක්ලක්ෂ 17905 දෙනෙකුට එන්නත් ලබාදී තිබෙනවා.
එහිදී සයිනොෆාම් දෙවන මාත්‍රාව පුද්ගලයින් 83,518 දෙනෙකුට ලබාදී ඇති අතර, එහි පළමු මාත්‍රාව ලබාදී ඇති සංඛ්‍යාව 27,016 ක්.
කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ද ඊයේ 2,204 දෙනෙකුට ලබාදී ඇති අතර, එහි දෙවන මාත්‍රාව ලබාදී ඇති සංඛ්‍යාව 409 ක්.
ෆයිසර් එන්නතේ දෙවන මාත්‍රාව ද ඊයේ 4,697 කටත්, පළමු මාත්‍රාව 61 දෙනෙකුටත් ලබාදී තිබෙනවා.
මේ අතර කොළඹ ජාතික රෝහලේ දියවැඩියාව හා අන්තරාසර්ග පිළිබඳ විශේෂඥ වෛද්‍ය උදිත බුලුගහපිටිය ඉල්ලා සිටින්නේ දියවැඩියා රෝගයෙන් පෙළෙන පුද්ගලයන් අනිවාර්යයෙන්ම කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා දෙකම ලබාගත යුතු බවයි.