ගෝඨාභය සහ රනිල් , ජනාධිපති ලේකම් කාර්යාලයේ දී විශේෂ සාකච්ඡාවක ….
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (17) පෙරවරුවේ පැවැති සාකච්ඡාව විනාඩි 40කට සීමා වී තිබිණි.
මේ සාකච්ඡාවට ජනපති සහ එජාප නායකයා පමණක් සහභාගිවී ඇති අතර කොළඹ කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එය පැවැත්විනි.
කෙසේවුවද, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය දක්වන මාධ්‍ය විසින් මේ හමුව වික්‍රමසිංහ මහතා ආණ්ඩුවට යාම සඳහා සිදුකරන සාකච්ඡාවක් බවට ද හුවා දක්වා තිබිණි.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහමහතා කොරෝනා වසංගතය හමුවේ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව පෙරදා (16) සවස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවැත්වූ දුරකථන සංවාදයේ ප්‍රතිඵලයක් ලෙස මෙම සාකච්ඡාව සිදුව තිබිණි.
කොරෝනා වසංගතය පිටුදැකීම සඳහා එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ යෝජනා මාලාව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් ද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ජනාධිපතිවරයාට පවසා ඇති බව වාර්තා වේ.