ඩෙල්ටා ප්‍රභේදයේ විකෘති තුනක් ශ්‍රී ලංකාවෙන් හඳුනා ගැනේ

ශ්‍රී ලංකාවේ පැතිර යන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ විකෘති ප්‍රභේද තුනක් මේ වනවිට හඳුනාගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ මෙරට කොරෝනා තත්ත්වය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින්. කෙසේ වෙතත් මෙරට සක්‍රීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 40,000 ඉක්මවා තිබෙනවා.
රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියේ එස්.ඒ. 222 වී, එස්.ඒ. 701 එස් සහ එස්.ඒ. 1078 එස් වන ජාන කේතයන්ගේ වෙනසක් මෙරට ඩෙල්ටා ප්‍රභේදය තුළින් දැකිය හැකි බවයි.
කෙසේ වෙතත් කුමන ප්‍රභේදය රට තුළට පැමිණියද පවතින තත්වය හමුවේ ඊට මුහුණ දිය යුතු බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළේ.