ෆේස්බුක් සමාගමෙන් තහනමක්
තලේබාන් සංවිධානයට සහය දක්වන සියලුම අන්තර්ගතයන් තහනම් කිරීමට ෆේස්බුක් සමාගම පියවර ගෙන තිබෙනවා.
ඇමරිකානු නීතියට අනුව තලේබාන් සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් බැවින් මෙම පියවර ගත් බවයි එම සමාගම ප්‍රකාශ කළේ.
ඒ අනුව ඇෆ්ගනිස්ථාන විශේෂඥයින් අදාළ අන්තර්ගතයන් සමීපව නිරීක්ෂණය කරමින් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බව ෆේස්බුක් සමාගම සඳහන් කළා.
මේ අතර ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර පිහිටි තම තානාපති කාර්යාලය තවදුරටත් විවෘත කර තබන බව ඉරානය ප්‍රකාශ කළා.
තලේබාන් සංවිධානය, ඇෆ්ගනිස්ථානයේ පාලනය සියතට ගැනීමෙන් පසු බොහෝ රටවල් තම රාජතාන්ත්‍රික නිලධාරීන් යළි කැඳවමින් සිටින අවස්ථාවකයි ඉරාන විදේශ අමාත්‍යාංශය මෙම තීරණයට එළඹ ඇත්තේ.