“සිකුරාදා වෙනකොට ආණ්ඩුව රට වහන්නේ නැත්නම්, සඳුදා වෙනකොට වෘත්තීය සමිති විදිහට අපි රට වහනවා”..!
“සිකුරාදා වෙනකොට ආණ්ඩුව රට වහන්නේ නැත්නම්, සඳුදා වෙනකොට වෘත්තීය සමිති විදිහට අපි රට වහනවා” යි යි රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු රවි කුමුදේශ් ප්‍රකාශ කරයි. ඔහු මෙසේ පවසයි.
“භාගෙට ප්‍රතිශක්තිය හදා ගත්තු මහ ජනතාව, අනවශ්‍ය නිරාවරණයකට ලක් කරලා, “ශ්‍රී ලාංකේය කොවිඩ් ප්‍රභේදය” නිර්මාණය කරන තුරු බලා නොඉඳ, ආණ්ඩුව ලොක් ඩවුන් නොකරන්නේනම්, වෘත්තීය සමිති ඒකාබද්ධ ලොක් ඩවුන් කිරීමක් සඳහා සියළු වෘත්තීය සමිති සූදානම්..!
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!
ඒ අතරම එම ලොක් ඩවුන් කිරීම විද්‍යාත්මක ලොක් ඩවුන් කිරීමක් ලෙස සාර්ථක කර ගැනීමට අදාල පහත අවශ්‍යතා රට තුල සම්පූර්ණ කිරීමටද මෙම “ලොක් ඩවුන් වර්ජන ක්‍රියා මාර්ගයෙන්” ආණ්ඩුවට බල කරමු..!
1. දින 10 ක විද්‍යාත්මක ලොක් ඩවුන් කිරීමක් සිදු කරන්න.
2. අවම වශයෙන් එම කාළය තුල කොවිඩ් PCR, රැපිඩ් PCR, ක්ෂණික ප්‍රතිපාදන ජනක ඇතුළු කොවිඩ් පරීක්ෂණ ලක්ෂයක් සිදු කරන්න.
3. ආසාදිතයින් වෙන් කරන්න. සාමාන්‍ය රෝග ලක්ෂණ සඳහා නිවසේ ප්‍රතිකාර සැලසුම් කරන්න.
4. රෝග ලක්ෂණ සහිත අතර මැදි ප්‍රතිකාර අවශ්‍ය අය සඳහා ඇඳන් ලක්ෂයක අතරමැදි මධ්‍යස්ථාන සූදානම් කරන්න.
5. අත්‍යවශ්‍ය ප්‍රතිකාර සඳහා ඇදන් 10000 ක් වෙන්කර තබන්න.
6. විද්‍යාත්මක ආවේක්ෂණයක් හරහා රෝගය නිවැරදිව පුරෝකථණය කිරීම සැලසුම් කරන්න.
7. එම කාලය තුල සංචාරකයින් ගෙන්වීම වලක්වන්න.
8. සියළු විදේශ වල සිට පැමිණෙන ආගමනිකයින්ගේ ප්‍රභේද පිළිබඳ සැලකිලිමත් වන්න.
9. රට තුල හමුවන රෝගීන්ගේ ප්‍රමාණය අනුව කොළ, තැඹිලි, රතු කලාප හඳුනා ගැනීම සහ කොළ- තැඹිලි කලාප ආරක්ෂා කරමින් වැඩි දියුණු කිරීම කරන්න.
10. ලොක් ඩවුන් කාලය තුල ජන අවශ්‍යතා පිළිබඳව රජයේ වගකීම ඉටු කරන්න.
රවී කුමුදේශ්
සම කැඳවුම්කරු
රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එකමුතුව