චීනයෙන් තවත් රු. බිලියන 61.5ක්!

චීන සංවර්ධන බැංකුව විසින් යුවාන් මිලියන 2,000ක (රු. බිලියන 61.5ක) මූල්‍ය පහසුකමක් ශ්‍රී ලංකාවට ලබාදී තිබේ.
මේ සඳහා වූ ගිවිසුමට ශ්‍රී ලංකාව වෙනුවෙන් චීනයේ සිටින තානාපති – ආචාර්ය පාලිත කොහොන මහතා හා චීන සංවර්ධන බැංකුව වෙනුවෙන් එහි ජාත්‍යන්තර සහයෝගිතා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් – වාං වෙයි මහතා අද (17) අත්සන් තබා ඇත.
ට්විටර් පණිඩිඩයක් නිකුත් කරමින් මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය පවසන්නේ මෙරට කොවිඩ්-19 මැඩලීමේ වැඩකටයුතු, ආර්ථික පුනර්ජීවනය, මූල්‍ය ස්ථාවරභාවය සහ ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා සහයෝගය ලබා දෙන ලෙස ශ්‍රී ලංකාවේ ඉල්ලීමක් මත මෙම ගිවිසුම අත්සන් කළ බවයි.