කොළඹ ICU පිරිලා.. කොරෝනා රෝගියෙක් කිලිනොච්චි ICU ඇඳකට යවද්දී , මගදී මිය යයි..

කොරෝනා ආසාදිතව අසාධ්‍ය රෝගියොකු සදහා කොළඹ හෝ ඒ ආසන්නයේ රෝහලක දැඩිසත්කාර ඒකකයක් සොයාගැනීමට නොතිබූ බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරයි.
ඒ වන විට ළඟම දැඩි සත්කාර ඒකක ඇදක් තිබුනේ කිලිනොච්චියේ බවත් එම රෝගියා එහි ගෙන යන විට මගදී මරණයට පත්ව තිබූ බවත් ඒ මහතා පැවසීය.