අසාද් සාලි ලබන 31 දක්වා රිමාන්ඩ්

මතභේදාත්මක ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් මාස පහක් රැඳවුම් භාරයේ සිටි බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මේ මස 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල හමුවේ ඊයේ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

හිටපු ආණ්ඩුකාර අසාද් සාලි පසුගිය මාර්තු 9 වනදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී රටේ නීතිය සහ මුස්ලිම් නීතිය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයට අදාළව ඔහු පසුගිය මාර්තු මස 16 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්තා.

පසුව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කෙරුනු අතර, මොහු සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පසුගිය ජූනි මස 28 වනදා චෝදනා ගොනුකර තිබුණා.

හිටපු ආණ්ඩුකාර අසාද් සාලි බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව ඔහු ප්‍රතිකාර ලබන ස්ථානයට ගිය මහේස්ත්‍රාත්වරයා සැකකරුව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි මෙම රිමාන්ඩ් නියෝගය නිකුත් කර ඇත්තේ.