තවත් නගර කිහිපයක් වැසේ

තවත් නගර කිහිපයක වෙළෙඳසැල් වසා තැබීමට අදාළ වෙළෙඳ සංගම් තීරණය කර තිබේ.
පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බව වෙළෙඳ සංගම් සඳහන් කළේය.
ඒ අනුව අද (18) සිට බදුල්ල, ත්රිකුණාමලය, රත්නපුර සහ බලංගොඩ යන නගරවල සියලු වෙළෙඳ සැල් සතියක කාලයක් වසා තැබීමට නියමිතය.
මීට අමතරව හෙට (19) සිට වැලිමඩ සහ අනුරාධපුර නගරයේ වෙළෙඳසැල් ද සතියක කාලයක් සඳහා වසා තැබෙනු ඇත.
පවතිත වසංගත තත්ත්වය හේතුවෙන් එම තීරණය ගත් බව අනුරාධපුර එක්සත් වෙළෙඳ සංගමයේ සභාපති සරත් මුණසිංහ මහතා පැවසුවේය.