වෛද්‍යවරු 1500ක ප්‍රමාණයක් නිවෙස් ප්‍රතිකාරවල අධීක්ෂණ කටයුතු සඳහා …
නිවෙස්වල ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයන්ගේ අධීක්ෂණ කටයුතු සඳහා ඉදිරි සති කිහිපය ඇතුළත වෛද්‍යවරු 1500ක ප්‍රමාණයක් යෙදවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ තෘතීක වෛද්‍ය සේවා අංශයේ අධ්යක්ෂ වෛද්‍ය අයන්ති කරුණාරත්න සඳහන් කළේ මේ වන විට නිවෙස්වල ප්‍රතිකාර ලබන ආසාදිතයන් අධීක්ෂණය කිරීමට වෛද්‍යවරු නවසිය දෙනකු (900) සහ විශේෂඥ වෛද්‍යවරු 28 දෙනකු යොදවා ඇති බවයි. මෙම වෛද්‍යවරුන්ගෙන් අවශ්‍ය උපදෙස් 1390 දුරකතන අංකයට ලියාපදිංචි වූ ආසාදිතයන්ට ලබාගත හැකි බවත් ඇය සදහන් කර තිබේ.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!
ඊයේ (18 වැනිදා) පස්වරුව වන විට නිවෙස්වල ආසාදිතයන් 5110දෙනකු ප්‍රතිකාර ලබන බව වාර්තා වේ. පසුගිය ජුනි මස 07 වැනිදා සිට ඊයේ (18 වැනිදා) වන තෙක් ලියාපදිංචි වී ඇති රෝගීන් සංඛ්‍යාව දාසය දහස් දෙසිය අසූ දෙකකි (16282).
මේ අතර කොවිඩ් -19 ආසාදිතයින්ගේ රෝගී තත්ත්වය අනුව ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීම හෝ නිවෙස් තුළ තබා කළමනාකරණය සඳහා අද (19) සිට නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ.
ඒ අනුව බස්නාහිර පළාත ඇතුළත නව ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට නියමිත බව කොවිඩ් -19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
එම ක්‍රියාවලිය පහත පරිදි සිදුකළ යුතුය.
01. නව ක්‍රමය දුරකථන ඇමතුම් සහ කෙටි පණිවිඩ ඔස්සේ ක්‍රියාත්මක කෙරේ.
02. කොවිඩ් -19 ආසාදිතයින් පහත තොරතුරු ඇතුළත් කෙටි පණිවුඩයක් 1904 දුරකථන අංකය ට යොසු කළ යුතුය.
අ. රෝග තත්ත්වයේ ස්වභාවය
I. ශ්වසන අපහසුතා ඇති රෝගීන් – A <space>
II.උණ තත්ත්වයෙන් පෙලෙන රෝගීන් – B
III.කිසිදු රෝග ලක්ෂණයක් නැති රෝගීන් – C
ආ. වයස <space>
ඇ . ජාතික හැදුනුම්පත් අංකය <space>
ඈ. ලිපිනය <space>
03. SMS මඟින් ලැබෙන තොරතුරු කොවිඩ් 19 රෝගය පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් අදාළ ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරීම සඳහා වෛද්‍ය කණ්ඩායම් වෙත දැනුම් දෙනු ලැබේ.
04. රෝගීන් සපයන තොරතුරු වර්ගීකරණයෙන් පසු දුරකථන අංක 247 මඟින් ඔවුන් සම්බන්ධ කොට ගෙන රෝග තත්ත්වය නිශ්චයකර ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කරනු ඇත. (ඒ සඳහා ගිලන්රථ සේවා සහ සෙසු ප්‍රතිකාර පහසුකම් සැලසෙයි)
05.වෛද්‍ය කණ්ඩායමක් නිවෙස් නිරෝධායනයට යොමු කෙරෙන රෝගීන් සමඟ නිරතුරුව සම්බන්ධ වෙමින් අවශ්‍ය සේවා ලබාදෙනු ඇත.
(මේ සඳහා වෙන් වු දුරකථන අංක 1390 ඔස්සේ එම පහසුකම් සලසනු ලැබේ.)