ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයේ පළමු කොරෝනා මරණය වාර්තා වෙයි!

කොළඹ ජාතික රෝහල් කාර්ය මණ්ඩලයේ පළමු කොවිඩ් මරණය වාර්තා වී තිබේ.
කොළඹ ජාතික රෝහලේ වාට්ටු ලිපිකාරිණියක ලෙස සේවය කරන මතුගම පදිංචි 53 හැවිරිදි දෙදරු මවක් එසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඇය කොවිඩ් ආසාදනය වීමෙන් පසුව මුල්ලේරියාව මූලික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී අද (19දා) උදෑසන මියගොස් තිබේ.