ජනපති අද ජාතිය අමතනවා!

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (20) ජාතිය ඇමතීමට නියමිත බව වාර්තා වේ.

ඊට පෙර රාජපක්ෂ මහතා හෙට දිනයේදී මහනුවරට ගොස් මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමටද නියමිතය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය, රටේ ආර්ථිකය හා රට වසා දැමීමට ඇති අපහසුතා පිළිබඳව මෙහිදී ජනපතිවරයා විසින් ජාතිය හමුවේ පැහැදිලි කිරීමට නියමිතය.

අවම වශයෙන් සති තුනකට රට වසා දමන ලෙස ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ 10ක් අද දිනයේදී ලිඛිතව ජනපතිවරයාගෙන් ඉල්ලා සටියේය.

එසේම මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන්ද ජනපතිවරයාට ලිපියක් යොමුකරමින් සඳහන් කළේ අවම වශයෙන් සතියකට හෝ රට වසා දැමීමට කටයුතු කරන ලෙසයි.