‘ශක්ති’ නෞකාවට ඔක්සිජන් පටවයි

ශ්‍රී ලංකාවට ඔක්සිජන් රැගෙන ඒම සඳහා ඉන්දියාවට ගොස් තිබෙන නාවික හමුදාවට අයත් ශක්ති නෞකාවට ඔක්සිජන් ඇතුළත් විශාල ප්‍රමාණයේ ටැංකි පැටවීමේ කටයුතු ඊයේ රාත්‍රියේ දී ආරම්භ කර තිබෙනවා.
එවැනි ටැංකි දෙකක මෙම ඔක්සිජන් රැගෙන ඒමට නියමිත යි.
බොහෝ විට අද (20) දිනයේ දී එම නෞකාව ඉන්දියාවේ සිට දිවයිනට පැමිණෙනු ඇති බවයි වාර්තා වන්නේ.