ශ්‍රී ලංකා පිල ඕමානයට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එළඹෙන ඔක්තෝම්බර් මාසයේ දී ඕමානයේ සංචාරයක නිරතවනවා.
ඒ, විස්සයි විස්ස තරගාවලියක් සඳහා එක්වීමට යි.
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට පෙර මෙම සංචාරය පැවැත්වෙන බවයි වාර්තාවන්නේ.
දෙරට අතර විස්සයි විස්ස තරග දෙක ඔක්තෝම්බර් 07 සහ 09 යන දිනවල පැවැත්වීමට නියමිත යි.
මෙම සංචාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පිටත් ව යාමට නියමිත ව ඇත්තේ, විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහායි.
මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වන්නේ ඔක්තෝම්බර් 17 වන දා සිටයි.