ස්විට්සර්ලන්ත වෛද්‍යවරුන් , දැඩි සත්කාර ඒකක කොරෝනා රෝගීන්ගෙන් පිරී යන බවට අනතුරු අඟවා තිබේ.

ස්විට්සර්ලන්තයේ කොරෝනා තත්ත්වය යළිත් නරක අතට හැරෙමින් පවතින බව පවසන වෛද්‍යවරුන්, කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගියහොත් දෙවන රැල්ලේදී සිදු වූවාට වඩා නරක තත්වයකට මුහුණ දිය හැකි බවට අනතුරු අඟවයි.

ජුනි මස අවසානයේ සිට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව දිනකට 3,000 දක්වා ඉහළ ගොස් තිබේ. එයට ප්‍රධානතම හේතුව ඩෙල්ටා වෛරසය වන අතර විශේෂයෙන් එය වයස අවුරුදු 10 ත් 29 ත් අතර තරුණයින් ඉලක්ක කරයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

රෝහලේ දිනකට ඇතුළත් වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2 සිට 3 දක්වා වූ අතර ජූලි මාසයේදී එය දස ගුණයකින් 30 දක්වා වැඩි විය. පසුගිය අඟහරුවාදා එම සංඛ්‍යාව 500 දක්වා වැඩි විය. ස්විට්සර්ලන්ත රෝහල් වල දැඩි සත්කාර ඒකක වල ඇඳන් සියයට 70 ක් පමණ අධික ලෙස පිරී පවතී. ඔවුන්ගෙන් සියයට 14 ක් පමණ කොරෝනා රෝගීන් ය.

ස්විට්සර්ලන්ත කොරෝනා වෛරසයට මුහුණ දෙන විද්‍යාත්මක කණ්ඩායමේ නව ප්‍රධානී ටැන්ජා ස්ටැඩ්ලර් අනතුරු අඟවන්නේ මෙය ඉදිරියට ගියහොත් දෙවන රැල්ල සිදු වූවාක් මෙන් නැවතත් එම නරක තත්වයම සිදුවිය හැකි බවයි.