පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වයක්

පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි තත්ත්වයේ වර්ධනයක් අද (21) සහ හෙට (22) යන දිනයන්හි දී අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මධ්‍යම, ඌව, උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැකියි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මෙම ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර  දිවයිනේ සෙසු ප්‍රදේශ වල, විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසන්නේ.