ඇඳිරිනීති සමයේදී ගුවන් මෙහෙයුම් හොඳටම කරන්නැයි ජනපති උපදෙස්

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලසීමාවේදී ගුවන් ගුවන්තොටුපොළ සහ ගුවන් යානා මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසට ජනාධිපතිවරයා ගුවන් සේවා අමාත්‍යවරයාට උපදෙස් ලබාදී තිබේ.

ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරුණ ද මෙරට ගුවන් තොටුපොළ වල ක්‍රියාවලියට කිසිදු බාධාවක් වීමට ඉඩ නොතබන ලෙසයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එමෙන්ම විදෙස් රටවලට පිටත්ව යන ජනතාවට ගුවන් තොටුපොළවල් වලට ගමන් කිරීමට අවශ්‍ය පහසුකම් ද සපයන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගුවන් සේවා අමාත්‍යවරයා උපදෙස් දී ඇත