ලෝක වෙළද පොලේ බොරතෙල් මිල අඩුවෙලා
ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල වැඩිකළ දිනයේ සිට මේ දක්වා ලෝක වෙළඳපොළ තුළ බොරතෙල් බැරලයක මිල සියයට 12කින් පමණ අඩුවී ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසයි.
ජුනි 11 වන විට ලෝක වෙළඳපොළ තුළ බොරතෙල් බැරලයක මිල ඩොලර් 70.91ක් බවත් අගෝස්තු 20 වන විට එම මිල ඩොලර් 62.14ක් තෙක් පහළ බැස ඇති බවත් ඔහු පෙන්වා දෙයි.