වැඩිම ඔක්සිජන් පරිභෝජනය ඊයේ
ඔක්සිජන් මත යැපෙන කොරෝනා රෝගීන් සංඛ්‍යාව දිගින් දිගටම ඉහළ යාමත් සමඟ රෝහල් තුළ වැඩිම ඔක්සිජන් පරිභෝජනය ඊයේ වාර්තාවී තිබෙනවා.
ඔක්සිජන් ටොන් 108 ක් එලෙස ලබාදී ඇති අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ රෝහල් වෙත ඔක්සිජන් සපයන මෙරට පෞද්ගලික සමාගම් දෙකෙහි සංචිතද ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවයි.
මේ අතර ඉන්දියාවෙන් ඇණවුම් කළ පළමු ඔක්සිජන් තොගය රැගත් නෞකාව අද උදෑසන කොළඹ වරාය වෙත ළඟාවුණා.
එම ටැංකියේ ටොන් 40 ක් අඩංගු වූ අතර, තවත් ටොන් 140 ක් රැගත් ඉන්දීය නෞකාවක් හෙට දිවයිනට පැමිණීමට නියමිතයි.
අනතුරුව මෙරටින් පිටත්ව ගිය නාවික හමුදාවට අයත් ශක්ති නෞකාව තවත් ඔක්සිජන් ටොන් 100 ක් රැගෙන කොළඹ වරාය වෙත ළඟාවනු ඇති.
මේ අතර වැඩිවන ඉල්ලුම සපුරාලීම සඳහා දියර ඔක්සිජන් සපයන ලෙස විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් චීනයෙන් ඉල්ලා තිබෙනවා.