අගෝස්තුවේ අපනයන ආදායම ඇ.ඩො. බිලියනයක්
මාස හතරකට පසු මෙරට අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවා තිබෙනවා.
ඒ අනුව පසුගිය ජූලි මාසයේ අපනයන ආදායම දැක්වෙන්නේ ඩොලර් මිලියන 1099.4 ක් ලෙසයි.
රේගුවේ දත්තවලට අනුව පසුගිය වසරේ ජූලි මාසය හා සැසඳීමේදී මෙය සියයට 1.33ක වර්ධනයක් බව සඳහන්.
කොරෝනා වසංගතය පැවතුණත් අපනයන ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා අපනයනකරුවන් දැක්වූ සහයෝගය හේතුවෙන් මෙම තත්වයට ළඟාවීමට හැකිවූ බව අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කළා.