ෆයිසර් එන්නත් මාත්රා 80,000 ක් දිවයිනට

තවත් ෆයිසර් එන්නත් මාත්රා 80,000 ක් අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබෙනවා.
කටාර් ගුවන් සේවයේ භාණ්ඩ ප්රවාහන ගුවන් යානයක් හරහා නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට එම එන්නත් ගෙනවිත් තිබූ බවයි ගුවන් තොටුපළ කාර්ය භාර නිළධාරීවරයා සඳහන් කලේ.
මෙම එන්නත් තොගය ශ්රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාව වෙත රැගෙන යාමට පියවර ගෙන තිබෙනවා.