කොටස් වෙළෙඳපොලේ වර්ධනයක්
කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක අද කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළ අතර, සමස්ත මිල දර්ශකය ඒකක 267. 66කින් ඉහළ ගොස් 8507.72ක් ලෙස සටහන් වුණා.
කොටස් වෙළඳපොළ ප්‍රධාන පෙළේ සමාගම් 20 නියෝජනය කරන එස්.ඇන්ඩ්.පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය ද ඒකක 96.52කින් ඉහළ ගොස් 3148. 16ක් ලෙස සටහන් වී තිබෙනවා.
කොළඹ කොටස් වෙළඳපොලේ අද දිනයේ කොටස් මිලියන 398කට වැඩි ප්‍රමාණයක් හුවමාරු වූ අතර මුළු පිරිවැටුම රුපියල් බිලියන 10 ඉක්ම වූවා.