දිනේෂ් චන්දිමාල්ට යළි කැඳවීමක්
ශ්‍රී ලංකාව සහ සංචාරක දකුණු අප්‍රිකානු පිළ අතර ලබන මස පැවැත්වෙන එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කර ඇති ක්‍රීඩකයන් 30 දෙනෙකුගෙන් යුත් සංචිතයට පලපුරුදු ක්‍රීඩකයෙකු වන දිනේෂ් චන්දිමාල් යළි කැඳවා තිබෙනවා.
සැප්තැම්බර් දෙවනදා ආරම්භ වන එම තරගාවලියට එක්දින තරග 3ක් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 3ක් ඇතුළත්.
ශ්‍රී ලංකා ආරාධිත පන්දුවාර 20යි විස්ස තරගාවලියේ දී දිනේෂ් චන්දිමාල් අඛණ්ඩ ව දස්කම් දැක් වූ අතර, ඔහුගේ නායකත්වයෙන් යුත් රෙඩ්ස් කණ්ඩායම හෙට පැවැත්වෙන එහි අවසන් තරගයට ද සුදුසුකම් ලබා අවසන්.
කෙසේ නමුත්, චන්දිමාල් අවසන් වරට ශ්‍රී ලංකා පිල නියෝජනය කළේ පසුගිය මාර්තු 14 වනදා බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව යි.
දකුණු අප්‍රිකාව සමග තරග වැදීමට අපේක්ෂිත සංචිතයට ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න හෝ සුරංග ලක්මාල් ඇතුළත් නො වන අතර, පසුගියදා කොවිඩ් ආසාදනය වූ කුසල් ජනිත් පෙරේරා ද ඇතුළත්.